Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ශ්‍රී ලංකා – නවසීලන්ත දෙවන එක්දින තරගයට වර්ෂාවෙන් බාධා

2 years ago

UPDATE (9.00 am) – දෙවන එක්දින තරගයේ කාසිය වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා නායකයා සමත් වුණා.

ඒ අනුව ඔහු පළමුව පළමුව පන්දු යැවීමට තීරණය කළා.

තරගයේ එක් ඉනිමක් පන්දුවාර 37කට සීමා කිරීමටයි තීරණය කෙරුණේ.

———————————————————————————–

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර දෙවන තරගය අද (08) හැමිල්ටන් හිදී ආරම්භවීමට නියමිතව තිබුණා.

කෙසේ වෙතත් වර්ෂාව හේතුවන් තරග ආරම්භ කිරීම මේ වනවිට ප්‍රමාද වී තිබෙනවා.

දිවා – රාත්‍රී තරගයක් ලෙසින් මෙම තරගය මෙරට වේලාවෙන් අද පෙ.ව. 6.30ට ආරම්භ කිරීමට නියමිතව තිබුණි.

ඇද හැලුණු වර්ෂාව මේ වනවිට නතර වී ඇති අතර, ක්‍රීඩා පිටියේ ජලය ඉවත්කර වියළීමේ කටයුතු සිදුකරගෙන යන බවයි නවසීලන්තයෙන් තොරතුරු වාර්තා වන්නේ.

දෙරට අතර පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගය කඩුලු 09ක පහසු ජයක් ලබා ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් ලැබුණා.