සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්තය අතර දෙවන එක්දින තරගය අද (08) හැමිල්ටන් හිදී ආරම්භ වුණා.
වර්ෂාව හේතුවෙන් තරගය පැය 02 ක පමණ ප්‍රමාදයකින් පසු ආරම්භ වූ අතර, තරගයේ එක් ඉනිමක් පන්දුවාර 37කට සීමා සීමා කිරීමටයි විනිසුරුවරුන් තීරණය කළේ.
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන එක්දින ක්‍රිකට් තරගය මේ වනවිට හැමිල්ටන්හිදී පැවැත්වෙයි.
වර්ෂාව හේතුවෙන් තරගය ප්‍රමාද වී ආරම්භ වු අතර තරගය පන්දුවාර 37කට සීමාකර තිබුණි.
තරගයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව නවසීලන්ත කණ්ඩායමට ලබා දුනි.
ඔහුගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් නවසීලන්තය නියමිත පන්දුවාර 37 තුළ කඩුලු 09ක් දැවී ලකුණු 255ක් රැස් කිරීමට සමත් වුණා.
එහිදී නවසීලන්ත ඉනිම වෙනුවෙන් ආරම්භ පිතිකරු රචින් රවීන්ද්‍ර ලකුණු 79ක් රැස්කළ අතර, මාර්ක් චැප්මන් ලකුණු 62ක් රැස් කළා.
පන්දු යැවීමේ දී මහීෂ් තීක්ෂණ කඩුලු 04ක් බිඳ දැමූ අතර, වනිඳු හසරංග කඩුලු 02 ක් සහ අසිත ප්‍රනාන්දු එක් කඩුල්ලක් දවාගත්තා.
මහීෂ් තීක්ෂණ මෙහිදී කඩුලු ත්‍රිත්වයක් දවා ගැනීම ද විශේෂත්වයක්.
මිචෙල් සැට්නර්, නේතන් ස්මිත් සහ මැට් හෙන්රි යන පිතිකරුවන් තීක්ෂණගේ කඩුලු ත්‍රිත්වයේ ගොදුරු බවට පත් වුණා.
ඒ, අනුව ශ්‍රී ලංකාවට තීරණාත්මක මෙම තරග ජයගැනීමට පන්දුවාර 37ක් තුළ ලකුණු 256ක ඉලක්කයක් හිමිව තිබෙනවා.
