බැංකු සහ මූල්‍ය ආයතනවලින් ණය දීම සම්බන්ධ අවදානම අඩු වෙමින් පවතින බව 2025 සහ ඉදිරිය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති ප්‍රකායෙහි සඳහන්කර තිබේ.
මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ විසින් ඊයේ (08 වැනිදා) ප්‍රකාශයට පත් කළේය.
ඉදිරි කාලයේදී ආර්ථිකය සියයට 5 ක ඉලක්කය වටා ස්ථායිව පවත්වාගෙන යාමට කටයුතු කරන බවද මහ බැංකු අධිපතිවරයා කියා සිටියේය.
සැපයුම් අංශයේ මිලෙහි ඇතිවූ වෙනස්කම්වල බලපෑම හේතුවෙන් සිදුවූ අවධමනකාරී තත්ත්වය මේ වසරේ මුල් භාගයේද පවතිනු ඇති බවත්, ලබන වසරේ අග භාගයේදී උද්ධමනය එහි ඉලක්කය කරා ළඟා වෙනු ඇතැයි පුරෝකථනය කරන බවත් ඔහු පැවැසීය.
මේ වන විට බැංකු සහ මූල්‍ය ආයතනවලින් ණය දීම සම්බන්ධ අවදානම් අඩුවෙමින් පවතින බවත්, අඩු පොලී අනුපාතිකයන් යටතේ ණය ලබා ගැනීමට හැකිවන පරිදි මහ බැංකුව වෙළෙදපොළෙහි දැනට පවතින ඉහළ පොලී අනුපාතික අඩු කිරීමට බැංකු සහ අනෙකුත් මූල්‍ය ආයතන සමග සමීපව කටයුතු කරන බවත් මහ බැංකු අධිපතිවරයා ඉදිරිපත් කරන ලද ප්‍රතිපත්ති ප්‍රකාශයේ දැක්වේ.
ශීඝ්‍රයෙන් වයස්ගත වන ජනගහනයක් සිටින පසුබිමක ඉතුරුම් ඉහළ නැංවීමට නව ක්‍රමවේද සකස් කිරීමටද මහ බැංකුව අවධානය යොමුකර තිබේ.
