Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

විස්සයි 20 ශ්‍රේණිගතකිරීම්හි ස්ථාන 26ක් ඉදිරියට පැමිණි කුසල් ජනිත් පෙරේරා

2 years ago

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.

ඒ අනුව නවසීලන්තය සමග පැවැති පන්දුවාර 20 තරගාවලියේදී සුපිරි දස්කම් පෑ කුසල් ජනිත් පෙරේරා ස්ථාන 26ක් ඉදිරියට පැමිණෙමින් පන්දුවාර 20 පිතිකරුවන් අතර 10 වැනි ස්ථානයට පත්ව තිබීම කැපී පෙනෙනවා.

ඒ ප්‍රසාද ලකුණු 675ක් සමගින්.

කුසල් නවසීලන්ත පන්දුවාර 20 තරගාවලියේදී ශතකයක් ද සමගින් ලකුණු 149ක් රැස්කර ගත්තේ තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වෙමින්.

ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු ජාත්‍යන්තර විස්සයි 20 ශ්‍රේණිගත කිරීම්හි 7වන ස්ථානයේ පසුවනවා.