Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඉරටත් උඩින් හිටියට මල්ලිට නිදහස නම් දෙන් නෑ – මහින්ද ජයසිංහ

2 years ago

ජාතික ජන බලවේගය ප්‍රමුඛ රජය පෙරළීමට ඉරටත් උඩින් සිටින බව පවසන මාධ්‍ය නාලිකාවක් කොතරම් උත්සාහ කළත් ‘මල්ලි නිදහස් කරගැනීමට’ කිසිසේත්ම ඉඩ නොතබන බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසනවා.

අද (09)  පාර්ලිමේන්තුවේදී  මාධ්‍යවල හැසිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ඔහුව නිදහස් කළ බවත්, ඒ අරමුණෙන්ම එම නාලිකාව ජනාධිපතිවරණයේදී විපක්ෂනායකවරයාට සහාය දී තම සහෝදරයාව නිදහස් කර ගැනීමට උත්සහ කළ බව මහින්ද ජයසිංහ මහතා පවසා සිටියා.

“අනුර සහෝදරයා නිදහස් කරයි කියලා හිතන් ඉන්නවානම් ඒක වෙන්නේ නැහැ. අන්න දැන් වෛද්‍යවරුදාලා පරීක්ෂණයක් යනවා ඇත්තට රෝහලේ ඉන්න ඕනද නැද්ද කියන එක බලන්න. ඒ නිසා මේ ජාතියේ ඒවගෙන් ජාතික ජනබලවේගයේ ආණ්ඩුව බිය වද්දන්න බැහැයි කියන එක අපි කියන්න ඕනි.”