ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර එක්දින ක්‍රිකට් තරග දෙකක් පැවැත්වීමට සැලැසුම් කර ඇති බවට තොරතුරු වාර්තා වනවා.
ඒ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය සිදු කළ විශේෂ ඉල්ලීමකට අනුවයි.
මින් පෙර තීරණය කර තිබුණේ දෙරට එක් එක්දින ක්‍රිකට් තරගයක් පමණක් පැවැත්වීමටයි.
එක් එක්දින තරගයක් වෙනුවට තරග දෙකකින් යුත් එක්දින තරගාවලියක් පවත්වන ලෙස ඉල්ලා ඇති බව සඳහන්.
ශුරයින්ගේ කුසලාන තරගාවලියට ක්‍රීඩා කිරීම සඳහා වන පුහුණුවක් ලෙසින් මෙම ඉල්ලීම සිදු කර ඇති බව සඳහන්.
මීට පෙර මෙම එක්දින තරගය හම්බන්තොටදී පැවැත්වීමට සැලැසුම් කර තිබුණ ද, අදාළ සංශෝධනය සිදු කරන්නේ නම් එය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී දිවා තරග ලෙස පැවැත්වෙනු ඇති.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් නිල නිවේදනයක් මේ දක්වා ප්‍රකාශයට පත්වී නැහැ.
