ක්‍රිකට් ක්‍රීඩක ධනංජය සිල්වාගේ සහෝදරාට වන සාවිත්‍ර සිල්වාට ඊයේ(10) රාත්‍රියේ තියුණු ආයුධයකින් ප්‍රහාරයක් එල්ල ව තිබේ.
පොලිසිය සඳහන් කළේ ඉන්දික සුරංග සොයිසා නොහොත් රත්මලානේ සුද්දා යන අය විසින් තවත් පුද්ගලයින් කිහිප දෙනෙකු සමග එක්ව මෙම ප්‍රහාරය එල්ල කර තිබේ.
ප්‍රහාරයෙන් තුවාල ලැබූ සාවිත්‍ර සිල්වා මොරටුව ලුනාව රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.
රෝහල් ආරංචිමාර්ග සඳහන් කළේ තුවාලකරුගේ තත්ත්වය බරපතළ නොවන බවයි.
සිද්ධිය සම්බන්ධව ගල්කිස්ස පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.
ධනංය ද සිල්වා සහ සාවිත්‍ර සිල්වා යන අයගේ පියා වන දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ පොදුජන පෙරමුණේ නාගරික මන්ත්‍රීවරයෙකුව සිටි රංජන් ද සිල්වා මහතාව 2018 වසරේදී වෙඩි තබා ඝාතනය කර තිබුණි.
