කළුතර දිස්ත්‍රික්කයේ හිටපු මන්ත්‍රීවරයකු සහ අමාත්‍යවරයෙකු වූ ඉන්ද්‍රදාස හෙට්ටිආරච්චි මහතා ඊයේ (11) රාත්‍රීයේ අභාවප්‍රාප්ත වී තිබෙනවා.
ඒ මහතා මිය යනවිට 98 වන වියේ පසුවුණා.
ඉන්ද්‍රදාස හෙට්ටිආරච්චි මහතාගේ දේහය මේ වන විට බොරැල්ල ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර තිබෙනවා.
අනතුරුව දේහය හෙට (13) රාත්‍රියේ සිට හේනේගම පොකුණුවිට ඒ මහතාගේ නිවසේ තැන්පත් කිරිමට නියමිතයි.
දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන බදාදා (15) පොකුණුවිට, හේනේගම ජනසෙත පදනම ක්‍රීඩාංගණයේදී සිදුකිරීමට සැළසුම් කර තිබෙනවා.
එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් 1977 වසරේ පාර්ලිමේන්තුවට පිවිසි ඒ මහතා 1994 දක්වා වසර 17ක් පාර්ලිමේන්තුව නියෝජනය කළේය.
කළුතර දිසා අමාත්‍ය, පොල් කර්මාන්ත හා භෝග විවිධාංගීකරණ අමාත්‍ය යන තනතුරු ඔහු විසින් දරා ඇත.
මෙරට දේශපාලනයේ දැනට ජීවත්ව සිටි වයෝවෘද්ධම දේශපානඥයා වශයෙන් සැලකූ ඒ මහතා 1948 වසරේ පැවැති කුඹුකපන්තුව ගම් කාර්ය සභාවේ මැතිවරණයෙන් හේනේගම කොට්ඨාසයේ ගම්කාර්ය සභික ධුරයට නිතරගයෙන් පත්වෙමින් සිය දේශපාලන ගමන් මග ආරම්භ කළේය.
