බංග්ලාදේශය තුන් ඉරියව් ක්‍රීඩක ශකීබ් අල් හසන් ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව සම්බන්ධයෙන් පැවැති දෙවැනි පරීක්ෂණයෙන් ද අසමත් වී තිබෙනවා.
ඒ, අනුව ඔහුට දේශීය හා ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලදී පන්දු යැවීමට පනවා තිබූ තහනම තව දුරටත් ක්‍රියාත්මක වේ.
පසුගිය වසර සැප්තැම්බර් මාසයේ දී එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලියේ දී ශකීබ් අල් හසන්ගේ පන්දු යැවීමේ ඉරියව්වේ යම් ගැටළුවක් ඇති බවට චෝදනා එල්ල විය.
ඒ, අනුව බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය ඔහුට දේශිය හා අන්තර්ජාතික තරගවල දී පන්දු යැවීම තාවකාලිකව තහනම් කළේය.
අනතුරුව ශකීබ් පසුගිය වසරේ අගභාගයේදී එක්සත් රාජධානියේ ලප්බරෝ විශ්ව විද්‍යාලයේ දී ඔහුගේ පන්දු යැවීමේ ඉරියව සම්බන්ධයෙන් වන පළමු පරීක්ෂණ සඳහා මුහුණ දුන් අතර එයින් සමත්වීමට ඔහුට හැකියාව නොලැබිණි.
දෙවන පරීක්ෂණය සඳහා ඔහු පසුගිය මාසයේ දී මුහුණ දුන්නේ චෙන්නායි හි ශ්‍රී රාමචන්ද්‍ර ක්‍රීඩා විද්‍යා මධ්‍යස්ථානයේදී මුහුණදුන් අතර එයින්ද ඔහුට සමත්වීමට හැකියාව නොලැබීම මතයි මෙලෙස ඔහුගේ පන්දු යැවීමේ තහනම තවදුරටත් පනවා ඇත්තේ.
