2025 වසර සඳහා විදුලි ගාස්තු අඩු කිරීම සම්බන්ධයෙන් ලබන සිකුරාදාට(17) පෙර තීරණයක් ගන්නා බව ශ්රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.
එම කොමිෂන් සභාවේ ආයතනික සන්නිවේදන අධ්යක්ෂ ජයනාත් හේරත්පවසන්නේ කොමිසම මේ වන විට මහජන ඉදිරිපත් කිරීම් සමාලෝචනය කරමින් සිටින බවයි.
මීට පෙර රජය වසරකට හතර වතාවක් විදුලි ගාස්තු සංශෝධනය කිරීමට යෝජනා කර තිබිණි.
කෙසේවෙතත්, 2023 දී ගාස්තු සංශෝධන තුන් වතාවක් සිදු වූ අතර 2024 දී සංශෝධන දෙකක් සිදු විය.
2025 දී රජය සංශෝධන හතරක් ඉලක්ක කළ ද එය ලංකා විදුලිබල මණ්ඩලයේ (CEB) යෝජනා මත රඳා පවතින බව හේරත් ප්රකාශ කළේය.
2024 ජූලි මාසයේදී ක්රියාත්මක කරන ලද අවසන් ගාස්තු සංශෝධනය සියලු අංශ සඳහා සැළකිව යුතු සහනයක් ලබා දුන්නේය.
