නවසීලන්ත තරග සංචාරයට නිමා කළ ශ්‍රී ලංකා කණ්ඩායම අද (13) අලුයම දිවයිනට පැමිණියේය.
මෙහිදි අදහස් දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු, සනත් ජයසූරිය මහතා පවසා සිටියේ, තරගාවලිය පරාජය වීම සම්බන්ධයෙන් කනගාටුවට පත්වෙන බවය.
එමෙන්ම තරගාවලියේ දී සිදුවු වැරදි මින් ඉදිරියට සිදුවිය නොහැකි බවත් වැරදි නිවැරදි කරගෙන ඉදිරි තරග ජයග්‍රහණය කළ යුතු බවත් සනත් ජයසූරිය මහතා පැවසීය.
“20යි 20 තරගාවලිය ඇත්තටම කනගාටුයි පරාජය වුණ එක. එක තරගයක් නෙමෙයි අපිට තරග දෙකක් ලේසියෙන් ජයග්‍රහණය කරන්න තිබුණා. මම හිතනවා කණ්ඩායමටත් ලොකු කනගාටුවක් තියෙනවා තරග පැරදීම ගැන. පන්දුවාර 50 තරගාවලියේ දී අවසාන තරගය ඉතාමත් හොඳට තරග කළා. පළමු තරග දෙකේ තමයි අපේ පිතිකරුවන් පළමු පන්දු වාර 10 වගේ තමයි ලකුණු අතර හිටියේ නැත්තේ. කඩුලු 4ක් 5ක් වැටුණහම අමාරුයි. දෙවැනි තරගයේ දී වැරදි හදාගෙන තරග කළා. මේ වැරදි ඉස්සරහට වෙන්න බෑ. පුළුවන් තරම් අඩුකරගෙන රටින් පිට යද්දි ඒක හදාගන්න ඕනේ. පැතුම්ගේ කකුලේ ආබාධය බලන්න ඕනේ මොකද වෙන්නේ කියලා. ඔස්ට්‍රේලියාව එක්ක ටෙස්ට් තරග දෙක මේ මාසේ අන්තිමට තියෙන්නේ. ඉන්න ක්‍රීඩකයෝ පුහුණුවීම් කටයුතු ආරම්භ කරන්න ඕනේ.”
