Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

විදුලි ගාස්තු 20%ත් – 30%ත් අතර අගයකින් අඩු කළ හැකි බවට යෝජනාවක්

2 years ago

විදුලිබිල සියයට 20ත් 30ත් අතර ප්‍රමාණයකින් අඩු කළ යුතු බව ගාස්තු සංශෝධනය සඳහා පළාත් 09ම ආවරණය වන පරිදි සිදුකළ මහජන අදහස් විමසීමේදී යෝජනා වී තිබෙනවා.

ඒ අනුව, කොමිසමේ අවසන් තීරණය මෙම සතියේදී ප්‍රකාශයට පත් කරන බවයි මහජන උපයෝගිතා කොමිසමේ ජේජ්්‍යෂ්ඨ ප්‍රකාශකයෙකු කියා සිටියේ.

මේ සම්බන්ධයෙන් මහජන අදහස් විමසීම පසුගිය 10 වැනිදා අවසන් වූ අතර එහිදී දේශපාලඥයින්, සිවිල් සංවිධාන නියෝජිතයින්, බලශක්ති විශේෂඥයින් ඇතුළු 400කට අධික පිරිසක් අදහස් ලබාදී තිබුණා.

මෙම වසරේ මුල් මාස 6 සඳහා ක්‍රියාත්මක වීමට නියමිත ගාස්තු සංශෝධනය පිළිබඳව යෝජනාවක් ඉදිරිපත් කරමින් පසුගිය මස 06 වැනිදා ලංකා විදුලිබල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිසමට දැනුම් දුන්නේ විදුලි ගාස්තුව අඩුකළ නොහැකි බවයි.