හෝමාගම විවිධ සේවා සමූපකාර සමිතියේ නිලවරණයෙන් ද ජාතික ජන බලවේගයේ කණ්ඩායම පරාජයට පත්ව තිබේ.
පසුගිය ඉරිදා ඡන්ද මධ්‍යස්ථාන 58කදී මෙම ඡන්ද විමසීම පවත්වා තිබෙනවා.
එහිදී ජාතික ජන බලවේගයේ කණ්ඩායමට දිනාගැනීමට හැකිවී ඇත්තේ සභික ධුර 45ක් පමණි.
නමුත් සමගි ජන බලවේගය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ කණ්ඩායම සහයෝගය දැක්වූ පිල සභික ධුර 55ක් දිනාගෙන ඇති බව සඳහන්.
මෙම සමූපකාර නිලවරණයේදීත් ජාතික ජන බලවේගයේ කණ්ඩායම ජාතික මැතිවරණයකදී මෙන් පෝස්ටර් අලවමින්, අත් පත්‍රිකා බෙදමින්, ගෙන්ගෙට යමින් ප්‍රචාරණ කටයුතු සිදුකර තිබියදීත් ඔවුන් පරාජයට පත්වීම මෙහි ඇති විශේෂත්වයයි.
පසුගිය මහමැතිවරණයේදී හෝමාගම ආසනයේ ජය තමන් සතු කර ගැනීමට ජාතික ජන බලවේගය සමත් වූයේ 75.04%ක තරම් ඉහළ ප්‍රතිශතයක් ලබාගනිමින් වීම විශේෂත්වයකි.
