Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

විදුලි ගාස්තුව අද මධ්‍යම රාත්‍රයේ සිට පහළට

2 years ago

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව අද (17) විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධ සිය අවසන් වාර්තාව ප්‍රකාශයට පත් කිරීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව 20%ක ප්‍රතිශතයකින් විදුලි ගාස්තුව අඩු කිරීමට පියවර ගෙන ඇත.

එහිදී ගෘහස්ථ කාණ්ඩය යටතේ 0-30ත් අතර ඒකකයට තිබූ ගණන රුපියල් 6ක් දක්වා පැවැති ගාස්තුව රුපියල් 4ක් දක්වාත්, 31-60ත් අතර තිබූ රුපියල් 9 සිට ගාස්තුව 6 දක්වාත් අඩු කිරීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව, ගෘහස්ථ අංශය සඳහා ඒකක 0 – 30 දක්වා 29%ක්ද,

31 – 60 දක්වා – 28% කින්ද,

61 – 90 දක්වා – 19% කින්ද

91 – 180 දක්වා – 18% කින්ද,

180 සිට ඉහළට – 19% කින්ද ගාස්තු සංශෝධනය කෙරෙනු ඇති.