ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය බිමල් රත්නායක අද (20) උදෑසන කාර්යාල දුම්රියක නැගී කොළඹ දක්වා පැමිණ තිබෙනවා.
මොරටුවේ සිට කොළඹ කොටුව දක්වා කාර්යාල දුම්රියක නැගී අමාත්‍යවරයා මෙලෙස සාමාන්‍ය මගියෙකු ලෙස ගමන් කර ඇති බව සඳහන්.
දුම්රිය ගමන අතරතුර මගීන් සමඟ අදහස් හුවමාරු කර ගනිමින් ඔවුන්ගේ ගැටළු පිළිබඳව අමාත්‍යවරයා විමසා ඇති බවයි වාර්තා වන්නේ.
එහිදී මගීන් විසින් පවතින ගැටළු පිළිබඳව අමාත්‍යවරයාව දැනුවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.
