ජාතික ජනබලවේගය ප්රමුඛ ආණ්ඩුව ඉල්ලා සිටින ඕනෑම අවස්ථාවක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය නිල නිවස භාරදීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.
නිල නිවස ව්යවස්ථානුවකූලව ඔහුට හිමිව ඇති බව ද නාමල් රාජපක්ෂ මහතා කියා සිටියා.
කෙසේවෙතත් නිවස අවශ්‍ය බවට ලිඛිතව ඉල්ලීමක් සිදු කළ යුතු බවයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අවධාරණය කළේ.
එලෙස සිදු කරන්නේ නම් ඕනෑම මොහොතක මහින්ද රාජපක්ෂ මහතා සිය නිල නිවාස භාරදීමට සූදානම් බව ඔහු සඳහන් කළා.
මහින්ද රාජපක්ෂ මහතා කොළඹ පිහිටි නිල නිවසින් ඉවත් කොට තංගල්ලට යැවූ පසුව රටේ හාල්, පොල්, ලුණු හිඟකම් ඇතුළු රටේ ප්‍රශ්න විසඳී ජනතාව සතුටින් සිටී නම් තම පවුලට ද එය සතුටක් බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා කියා සිටියේ.
