Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

වාහන ආනයනය සම්බන්ධයෙන් ජනපතිගෙන් ප්‍රකාශයක්

2 years ago

වාහන ආනයන තහනම පෙබරවාරි 1වැනිදා සිට ඉවත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

ආනයන සීමාවන් ඉවත් කිරීමෙන් පසු ආරම්භක කාල පරිච්ඡේදයේදී වාහන මිල ගණන් උච්චාවචනයන්ට ලක්විය හැකි බවයි ජනපතිවරයා සඳහන් කළේ.

ජනාධිපතිවරයා මේ පිළිබඳව සඳහන්කර පසුගිය ඉරිදා හොරණ ප්‍රදේශයේ පැවැති ජනහමුවක් අමතමින්.

වාහන මිල ස්ථාවර වූ පසු, රාජ්‍ය වියදම් විධිමත් කිරීම සහ අතිරික්තයන් අඩු කිරීම සඳහා අඛණ්ඩ පියවර වල කොටසක් ලෙස පසුගිය සමයේ මැති, ඇමතිවරුන් හා රජයේ ඉහළ නිළධාරීන් භාවිතා කළ සුඛෝපභෝගී වාහන වෙන්දේසි කිරීමට සැලසුම් කර ඇති බවද ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක,
“පහුගිය කාලේ රජයේ වාහන අපි ගෝල්ෆේස් එකේ ගොඩගහලා තිබ්බා. එතන තියෙන එක ආරක්ෂිත නැති හින්දා අපි ආරක්ෂිත තැන්වලට ගිනිහින් තියෙනවා. අපි පෙබරවාරියේ ඉදන් අලුත් වාහන ගෙන්වනවා. ඒත් එක්කම වාහනවල මිලේ වෙනසක් වෙනවා. අන්න එතකොට අර අමාත්‍යාංශවල වාහන ඔක්කොම වෙන්දේසි කරලා මහා භාණ්ඩාගාරයට සල්ලි ගන්නවා. මේ රට හදන්න ඕනි.”