පෙබරවාරි මස 22 වැනි දින ආරම්භ වීමට නියමිත ජාත්‍යන්තර මාස්ටර් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් ප්‍රබලයින් රැසක් සහභාගි වීමට නියමිත බව වාර්තා වනවා.
මෙවර තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම බාරව ඇත්තේ කුමාර් සංගක්කාරටයි.
ඊට අමතර ව සනත් ජයසූරිය, ටී.එම්.ඩිල්ෂාන්, උපුල් තරංග, මුත්තයියා මුරලිදරන්, නුවන් කුලසේකර සහ චමින්ද වාස් යන ප්‍රවීණ ක්‍රීඩකයින් එක් වන බවටයි ක්‍රිකට් ආරංචි මාර්ග පවසන්නේ.
මෙවර තරගාවලියට රටවල් හයක් නියෝජනය කරමින් ප්‍රවීණයන් සහභාගී වේ.
ඒ අතරට ඉන්දියාව, එංගලන්තය, ඔස්ට්‍රෙලියාව, දකුණු අප්‍රිකාව, බටහිර ඉන්දීය කොදෙව් යන රටවල් ඇතුළත්.
