Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අගමැතිනි ගොනු කළ නඩුවකට අදාළව තිස්ස අත්තනායකට අධිකරණයෙන් නියෝගයක්

2 years ago

අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය විසින් ගොනු කරන ලද අපහාස නඩුවකට අදාළව පිළිතුරු ගොනු කරන ලෙස කොළඹ අතිරේක දිසා විනිසුරු මහේෂා ද සිල්වා මහත්මිය සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා ඇතුළු විත්ති පාර්ශ්වයට ඊයේ(22) නියෝග කළේය.

අග්‍රාමාත්‍යවරිය මෙම නඩුව පවරා ඇත්තේ 2024 ජනාධිපතිවරණ රැළියක් අතරතුර තිස්ස අත්තනායක මහතා කළ බව කියන අසත්‍ය ප්‍රකාශයකට එරෙහිවයි.

ජාතික ජන බලවේගය රජයක් පිහිටුවූ පසු ශ්‍රී දළදා පෙරහැර පැවැත්වීම නතර කරන බවට තමන් ප්‍රකාශ කළේ යැයි අත්තනායක මහතා සඳහන් කර ඇති බවත්,  තමන්ට සිදුකළ අපහාසයට රුපියල් මිලියන 100 ක වන්දි මුදලක් අය කර දෙන ලෙසත් අග්‍රාමාත්‍යවරිය ඉල්ලා තිබේ.

පිළිතුරු ගොනු කිරීම සඳහා තිස්ස අත්තනායක මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අමතර කාලයක් ඉල්ලා සිටි අතර, 2025 ජුනි මස 03 වැනි දිනට පෙර පිළිතුරු ගොනු කරන ලෙස අධිකරණය නියෝග කළේ ය.