Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ලියුම් දෙනකම් ඉන්න එපා! ගෙදරින් යන්න! ආණ්ඩුව මහින්දට කියයි!

2 years ago

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු හිටපු ජනාධිපතිවරුන්ගේ සහ ජනාධිපති වැන්දඹුවන්ගේ නිල නිවාස සදහා රජය දරන වැය බර පිළිබඳව අදාළ පනත උපුටා දක්වමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගියදා මතු කළ තත්ත්වය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පැහැදිලි වනු ඇති බවත් නිල නිවසින් ඉවත් වනවා නම් ලියුම් ලියමින් නොසිට ඉන් ඉවත්වීම වඩාත් උචිත බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති නලින්ද ජයතිස්ස මහතා ඊයේ (21) කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය.

ඔහු කියා සිටියේ කරදඬු උස්මහත් වුනු පුතුන් තුන්දෙනෙකු සිටින බැවින් ඔවුන්ට මව සහ පියා රැගෙන ගොස් රැකබලා ගැනීමට නොහැකියාවක් ඇතැයි රජය නොසිතන බවය.

කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව කියා සිටියේ හිටපු ශනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිකුත් කළ ප්‍රකාශය අනුව “මම මහින්ද රාජපක්ෂ ලියුමක් දුන්නොත් පහුවදාම නිල නිවසින් ඉවත් වෙනවා.” ලෙස කළ ප්‍රකාශය අනුව රජයේ හිටපු ජනාධිපතිවරයාට නිල නිවසින් ඉවත් වන ලෙසට ලියුමක් නිකුත් කරනවාදැයි මාධ්‍යවේදියෙක් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.