අනුරාධපුර දිස්ත්‍රික් සමූපකාර මණ්ඩලයට නිලධාරීන් තෝරා පත්කර ගැනීම සඳහා නිලවරණයෙන් ද ජාතික ජන බලවේගයේ කණ්ඩායමට නොසිතූ පරාජයක් අත්ව තිබේ.
එම නිලවරණයේදී ජාතික ජන බලවේගයේ කණ්ඩායමට කිසිදු ආසනයක් දිනාගැනීමට හැකිවී වීම විශේෂත්වයකි.
සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂයේ කණ්ඩායම ආසන 13ම දිනාගෙන ඇති අතර ඒ අනුව ඔවුන්ට එහි සභාපති, ලේකම් ඇතුළු සියලු නිලතල හිමිව ඇති බව සඳහන්.
පසුගිය සති කිහිපයේදී පැවති බහුතරයක් සමූපකාර නිලවරණයන්හිදී විපක්ෂයේ කණ්ඩායම් එක්ව ඒකාබද්ධ කණ්ඩායමක් ලෙස තරග වදිනු දැක ගත හැකි විය.
ඒ හේතුවෙන් සමූපකාර මැතිවරණ ජය ගැනීම සඳහා ජාතික ජන බලවේගය සහාය දක්වන කණ්ඩායම් සහ ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම් අතර තියුණු තරගයක් ඇතිව තිබේ.
