Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පැතුම් නිස්සංකට පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අහිමි වෙයි

2 years ago

වෝන් – මුරලි ටෙස්ට් තරගාවලියේ පළමු තරගය සඳහා පැතුම් නිස්සංක ක්‍රීඩා නොකරනු ඇති බවට තොරතුරු වාර්තා වනවා.

ඔහු වෙනුවට ආදේශක පිතිකරුවෙක් ලෙස ඕෂධ ප්‍රනාන්දු කැඳවා ඇති බව සඳහන්.

ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව තරග දෙකකින් සමන්විත තරගාවලියේ ලබන 29 වනදා ගාල්ලේදී ආරම්භ වීමට නියමිතයි.

මීට පෙර සුළු ආබාධවලට ලක්ව සිටි කමිඳු මෙන්ඩිස් සහ ධනංජය ද සිල්වා පළමු තරගය සඳහා ක්‍රීඩා කරනු ඇති බවයි ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළේ.

ඔවුන් දෙදෙනා ඊයේ (26) ගාල්ලේදී ආරම්භ වුණු පුහුණු සැසිය සඳහා සහභාගී වූ බව එම ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කළා.

කෙසේවෙතත් ඊට පැතුම් නිස්සංක එක්ව සිටියේ නැහැ.