Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක්! බලාපොරොත්තු වූවාට වඩා ගැඹුරු අවධමනයක් ඉදිරියේදී!

2 years ago

ප්‍රධාන වශයෙන් 2025 ජනවාරි මාසයේදී ප්‍රකාශයට පත් කරන ලද විදුලි ගාස්තු සංශෝධනයේ දී අපේක්ෂිත ප්‍රමාණයට වඩා පහළට ගැලපීම හේතුවෙන්, මීට පෙර ප්‍රක්ෂේපණය කළ ප්‍රමාණයට වඩා ගැඹුරු අවධමනයක් ඉදිරියේ දී පෙන්නුම් කරනු ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

කෙසේවෙතත් 2025 මැද භාගයේ සිට උද්ධමනය ධනාත්මක වනු ඇති බවත්, සුදුසු ප්‍රතිපත්ති ගැලපීම් මගින් සහාය වන මධ්‍ය කාලීනව 5% ක ඉලක්කගත මට්ටම කරා ළඟා වනු ඇතැයි අපේක්ෂා කරන බවත් මහ බැංකුව මෙහිදී වැඩිදුරටත් සඳහන් කරයි.

කොළඹ පාරිභෝගික මිල දශර්කයේ (CCPl) වසරින් වසර වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2024 දෙසැම්බර් මාසයේදී අඛණ්ඩව සිව්වන මාසයටත් සෘණාත්මකව පැවතුණා.

ඉල්ලුම අඩුවීම මධ්‍යයේ ඉන්ධන මිල ගණන් ඉහළ යාම, විදුලි ගාස්තු සහ ගෘහස්ථ ගාස්තු සඳහා පෙර සිදු කරන ලද පහළට යාමේ සංශෝධන මෙයට ප්‍රධාන වශයෙන් හේතු වූ බවයි මහ බැංකුව පවසන්නේ.

2025 මැද භාගයේ සිට උද්ධමනය ධනාත්මක බවට හැරෙනු ඇතැයි අපේක්ෂා කරන අතර මධ්‍යම ප්‍රමාණයට වඩා සියයට 5 ක ඉලක්කගත මට්ටම කරා අභිසාරී වනු ඇති බවයි මහ බැංකුවට වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.