ලෝක වෙළඳපොළේ ගෑස් මිල ඉහළ ගොස් තිබුණද පෙබරවාරි මස ගෑස් මිල සංශෝධනයේදී ජනතාවට ලබා දිය හැකි උපරිම සහනය ලබාදීමට කටයුතු කරන බව ලාෆ්ස් ගෑස් ආයතනයේ සමූහ ප්රධාන විධායක නිලධාරී ආචායර් නිරෝෂන් ජේ පීරිස් පවසනවා.
හම්බන්තොට පර්යන්තයේ ලාස් ගෑස් මෙට්රික් ටොන් විසිදාහක් මේ වන විට පවතින බවත් ඒ හේතුවෙන් ඉදිරි කාල සිමාවේදී හිඟයකින් තොරව ලාෆ් ගෑස් සැපයීම සිදු කළ හැකි බවද විධායක නිලධාරීවරයා වැඩිදුරටත් සඳහන් කළා.
dimo academy ආයතනය සහ ලාෆ් ගෑස් ආයතනය අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමේ අවස්ථාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කර තිබෙනවා.
මෙම අවස්ථාවට ලාෆ් ගෑස් ආයතනය වෙනුවෙන් ලාෆ් ගෑස් ආයතනයේ එහි සමූහ ප්රධාන විධායක නිලධාරී ආචායර් නිරෝෂන් ජෙ පීරිස් , ඩිමෝ ආයතනය වෙනුවෙන් එහි විධායක අධ්යක්ෂ දිල්රුක්ෂි කුරුකුලසූරිය, විධායක අධ්යක්ෂ විජිත් පුෂ්පවෙල යන අය එක්වුණා.
