Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ප්‍රබල ඕස්ට්‍රේලියාව පරදා ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවන් සටන්කාමී ජයක් ලබයි

2 years ago

වයස 19න් පහළ විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 6 දෙනාගේ වටයේ අද (29) පැවති තරගයෙන් ප්‍රබල ඔස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව ලකුණු 12ක සටන්කාමී ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

කෙසේ නමුත් සුපිරි 6 වටයේ පළමු කාණ්ඩයේ අවසන් ප්‍රසාද ලකුණු සටහන අනුව ශ්‍රී ලංකාවට තෙවන ස්ථානය හිමි වූ හෙයින් ඔවුන්ට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට නොහැකි විය.

සුපිරි 6 වටයේ ශ්‍රී ලංකාව ක්‍රීඩාකළ ස්කොට්ලන්තයට එරෙහි තරගය වර්ෂාව හේතුවෙන් අතහැර නොදමන්න, අද තරගයේ ප්‍රතිඵලයත් සමග ශ්‍රී ලංකාවට පහසුවෙන්ම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමේ හැකියාවක් තිබුණි.

තරගයේ කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20ක් තුළ කඩුලු 09ක් දැවි රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 99ක්.

එහිදී සංජනා කවින්දි ලකුණු 19ක් සහ සුමුදු කවින්දි ලකුණු 18ක් ලබාගැනීමටයි සමත් වුණේ.

ජයග්‍රහණය සඳහා ලකුණු 100ක ඉලක්කයක් හඹා ගිය ඔස්ට්‍රේලියානු කණ්ඩායමට නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 08ක් දැවි ලබාගැනීමට හැකි වූයේ ලකුනු 87ක් පමණයි.

එහිදී Caoimhe Bray ලකුණු 27ක් ලබාගත්තා.

පන්දු යැවීමේදී චමෝදි ප්‍රබෝධා, ප්‍රමුධි මෙත්සරා සහ අසේනි තාලගුණේ කඩුලු දෙක බැගින් දවාගැනීමටයි සමත් වුණේ.