Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කාර් රථ ආනයනයට අවසර ලැබෙන දිනය මෙන්න

2 years ago

කාර් රථ ආනයනයට අදාළ ගැසට්ටුව පෙබරවාරි මාසය අතුළත නිකුත් කරන බව මුදල් අමාත්‍යාංශය රජයේ මුදල් කාරක සභාවට දැනුම් දී ඇති බව වාර්තා වේ.

මෙම දැනුම්දීම කර ඇත්තේ එම කාරක සභාව පෙරේදා (28) පාර්ලිමේන්තුවේ දී රැස් වූ අවස්ථාවේ දී ය.

එලෙස ආනයනය කරන කාර් රථවලට බදු වර්ග හතරක් පැනවීමට නියමිත බව සඳහන්.

ඒ සියයට 18ක අගය එකතු කිරීමේ බදු (වැට්), සියයට විස්සක රේගු බදු, නිෂ්පාදන බදු සහ සුඛෝපභෝගී බදු වශයෙනි.

එම සාකච්ඡාව අතරතුරදී කාරක සභා සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මුදල් අමාත්‍යංශ නිලධාරීන්ගෙන් කාර් රථ ගෙන්වන ගැසට්ටුව නිකුත් කරන කාල වකවානුව පිළිබඳව විමසීමක කර තිබෙනවා.

එයට පිළිතුරු දෙමින් මුදල් අමාත්‍යාංශ නිලධාරීන් පවසා ඇත්තේ පෙබරවාරි මාසය අතුළත එම ගැසට්ටුව නිකුත් කරන බව ය.