ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩාකළ ඔස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 654ක් රැස්කර සිය ඉනිම අත්හිටුවීය.
තරගයේ කාසිය වාසිය දිනා ගත් ස්ටීව් ස්මිත් පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර එම තීරණයට උපරිම සාධාරණයක් ඉටුකළ ඕස්ට්‍රේලියානු පිතිකරුවන් දැවැන්ත ලකුණු පුවරුවක් ගොඩ නැගීමට සමත් වුණා.
ඉනිම පුරාවටම ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ දුර්වල පන්දු රැකීම් ඔවුනට ඒ සඳහා මහත් සහයක් එක්කළේය
ඔස්ට්‍රේලියානු ඉනිම ඔසවා තබමින් ආරම්භක පිතිකරු උස්මාන් කවජා ලකුණු 232ක් රැස්කිරීමට සමත් විය.
ඊට අමතරව නායක ස්ටීවන් ස්මිත් ලකුණු 141ක් හා ජොෂ් ඉන්ග්ලිස් ලකුණු 102ක් රැස්කරමින් ඔස්ට්‍රේලියානු ඉනිම ශක්තිමත් කළේය.
ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවූ සියලුම පන්දු යවන්නෝ දැඩි පහරකෑමකට ලක් විය.
පන්දු යැවීමේදී ප්‍රභාත් ජයසූරිය ලකුණු 193කට කඩුලු 3ක් හා ජෙෆ්රි වැන්ඩර්සේ ලකුණු 182කට කඩුලු 3ක් දවාගැනීමට සමත් විය.
ඒ අනුව ශ්‍රී ලංකාවට සිය පළමු ඉනිම සඳහා ලකුණු 655ක දැවැන්ත ඉලක්කයක් හිමිවිය.
අද පළමු ඉනිමේ විශේෂත්වය වනුයේ කිසිදු ශ්‍රී ලාංකික වේග පන්දු යවන්නෙකුට ඔස්ට්‍රෙලියාවට එරෙහිව කඩුල්ලක් දවාගැනීමට නොහැකි වීමයි.
එමෙන්ම ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේ දී කණ්ඩායමක් සිය පළමු ඉනිම වෙනුවෙන් රැස් කළ දෙවැනි ඉහළතම ලකුණු සංඛ්‍යාව ලෙසට ද මෙය ඉතිහාසගත වුණා.
මීට පෙර ඔවුන් ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රීඩාකළ තිබු ඉහළම ලකුණු සංඛ්‍යාව රැස් කර තිබුණේ 1995 වසරේ වන අතර ඔවුන් එම තරගයේදී ලකුණු 617/5ක් රැස්කර තිබුණි.
අද
අද තරගයේ දෙවන දිනයයි.
