Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රනිල් ආන්ඩුවට එරෙහිව සේනා සංවිධානය කරයි! සජබ ප්‍රබලයින් පිරිසකුත් සාකච්ඡාවට එක්වෙයි!

2 years ago

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ දේශපාලන සාකච්ඡාවක් අද (30) පස්වරුවේ කොළඹ පෞද්ගලික හෝටලයකදී පවත්වා තිබේ.

අදාළ සාකච්ඡාව රනිල් වික්‍රමසිංහ මහතා විසින් කැඳවා තිබූ බවයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කළේ.

පසුගිය ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපතිවරයාට සහාය පළ කළ දේශපාලන පක්ෂ නියෝජිතයින් මේ සඳහා එක්ව සිට ඇත.

ඊට අමතරව සමගි ජනබලවේගය නියෝජනය කරන මනෝ ගනේෂන් සහ පී. දිගාම්බරම් යන මන්ත්‍රීවරුන් ද මෙම සාකච්ඡාව සඳහා සහභාගි වී සිටීම විශේෂත්වයකි.

මීට අමතරව, හිටපු කථානායක මහින්ද යාපා අබේවර්ධන, උදය ගම්මන්පිල, අනුර ප්‍රියදර්ශන යාපා, දුමින්ද දිසානායක, කංචන විජේසේකර, සාගල රත්නායක, වජිර අබේවර්ධන, ප්‍රේම්නාත් දොලවත්ත ඇතුළු මැති, ඇමතිවරුන් පිරිසක් එක්ව තිබේ.

පාර්ලිමේන්තුවෙන් පිටතදී ශක්තිමත් දේශපාලන බලවේගයක් සෑදීමේ අරමුණින් මෙම සාකච්ඡාව පවත්වා ඇති බවයි වාර්තා වන්නේ.