ශ්‍රී ලංකාව හා සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 165කට සීමාකිරීමට ඔස්ට්‍රේලියානු පන්දු යවන්නෝ සමත් විය.
ඕස්ට්‍රේලියාව පළමු ඉනිම කඩුලු 06 ක් දැවී ලකුණු 654 ක් ලබා සිටියදී අත්හිටවු අතර, විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ උස්මාන් කවාජා ලකුණු 232ක් ලබාගත්තා.
ඒ අනුව ඕස්ට්‍රේලියානු පළමු ඉනිමට වඩා ලකුණු 489 ක් පිටුපසින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට සිය දෙවන ඉනිම ක්‍රීඩාකරමින් සිටිනවා.
ශ්‍රී ලංකා පළමු ඉනිමේ අවසන් කඩුලු 5ම ලකුණු 29ක් තුළ දවා ගැනීමට ඔස්ට්‍රේලියානු පන්දු යවන්නන්ට හැකිවිය.
තරගය අද (1) සිව්වන දිනයට ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩාකරමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 136ක් රැස්කරගෙන සිටියේය.
දිනේෂ් චන්දිමාල් හැරුණු විට අන් කිසිඳු පිතිකරුවෙකුට සාර්ථකවීමට නොහැකි වූ අතර ඔහු ලකුණු 72ක් රැස් කළේය.
ඔස්ට්‍රේලියාව වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිතර වූ මැතිව් කුහ්නමන් ලකුණු 63කට කඩුලු 5ක් දවාගත්තේය.
ඊට අමතරව නේදන් ලියොන් කඩුලු 3ක් හා මිචෙල් ස්ටාක් කඩුලු 2ක් දවාගැනීමට සමත් විය.
