Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ජපන් වාහනවල අලුත්ම මිල ගණන් මෙන්න! වැගන් ආර් එක ලක්ෂ 72ට නගී! ඇල්ටෝ රථයක් ලක්ෂ 40 – 50 අතර මිලකට!

2 years ago

වාහන ආනයන සඳහා යළි අවසර ලබාදීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයට ස්තූතිවන්ත වන බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ සඳහන් කළේ වාහනය ආනයනයට අවසර ලබාදීමත් සමඟ වාහන වෙළඳපොලේ ඇතැම් වාහනවල මිල ගණන් ඉහළ යාමක් සහ ඇතැම් වාහනවල මිල ගණන් සුළු වශයෙන් පහළ යාමක් පෙන්නුම්කර හැකි බවයි.

අද (01) පෙරවරුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා..

මේ අතර මෙරට බොහෝ පිරිසක් අතර ජනප්‍රිය මෝටර් රථයක් වන වැගන් ආර් වර්ගයේ නව රථයක් රුපියල් ලක්ෂ 60 – 72ක පමණ මුදලකටත්, ඇල්ටෝ වර්ගයේ ජපන් මෝටර් රථයක් ලක්ෂ 40-50 අතර මිලකටත් මිල දී ගත හැකි බවයි සභාපතිවරයා වැඩිදුරටත් පැවසුවේ.

මේ අතර රජය විසින් වාහනය ආනයන සීමා ඉවත් කිරීමත් සමඟ පෙබරවාරි අවසන් සතිය හෝ මාර්තු මස පළමු සතිය වන විට මෙරටට වාහන ගෙන්විය හැකි බව ද ඔහු මෙහිදී සඳහන් කර සිටියා.