ඉදිරියේදී වෙළෙඳපොළේ ලුණු මිල තවත් ඉහළ යා හැකි බව හම්බන්තොට ලුණු ලේවායේ සභාපති නන්දන තිලක පවසනවා.
මේ වනවිට වෙළඳපොළේ ග්‍රෑම් 400 ලුණු කුඩු පැකැට්ටුවක් රුපියල් 120 දක්වාත්, කැට ලුණු පැකැට්ටුවක් රුපියල් 180 දක්වාත් ඉහළ ගොස් තිබෙනවා.
සභාපතිවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සදහන් කළේ, ඉන්දියාවෙන් ආනයනය කළ පළමු ලුණු තොගයෙන් කොටසක් හම්බන්තොට මහලේවායට ලැබෙමින් පවතින බවයි.
මේ දිනවල ඉන්දියාවෙන් ලුණු ආනයනය කිරීම සඳහා අධික පිරිවැයක් දැරිමට සිදුවීම හේතුවෙන් ලුණු පැකට්ටුවක මිල යම් ප්‍රමාණයකින් ඉහළ ගිය බවයි සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
එමෙන්ම මාර්තු මාසයේ ලුණු අස්වනු ලැබීමත් සමඟ වෙළෙඳපොලේ ලුණු හිඟයක් ඇති නොවන බව ඔහු සඳහන් කළා.
