වාහන ආනයනයට අවසර දෙන ගැසට් නිවේදනය නිකුත් වුවද එහි වාහනයේ නිෂ්පාදිත දිනයේ සිට ආනයන කරන වසර ප්‍රමාණය නිර්ණය කළ යුතු වීම හේතුවෙන් වාහන ගෙන්වීම සම්බන්ධයෙන් අර්බුදයක් නිර්මාණය වී ඇතැයි වාහන ආනයනකරුවෝ පවසති.
වාහන නිෂ්පාදකයන් සාමාන්‍යයෙන් නිෂ්පාදිත වර්ෂය සඳහන් කළත් නිශ්චිත නිෂ්පාදිත දිනයක් ප්‍රකාශයට පත් නොකරන පසුබිමක නිකුත් කළ ගැසට් නිවේදනයේ මග පෙන්වීම්වලට අනුකූල වන ලෙසින් වාහන ගෙන්වීමේදී ප්‍රායෝගික ගැටලු නිර්මාණය විය හැකි බවයි ඔවුන් පවසන්නේ.
ඒ හේතුවෙන් මෙම ගැසට් නිවේදනය හැකි ඉක්මණින් සංශෝධනය කරදෙන ලෙස ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටිනවා.
ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ මහතා ‘මව්බිම’ පුවත්පතට අදහස් දක්වමින් සඳහන් කර තිබුණේ මුදල් අමාත්‍යාංශයේ නිලධාරියෙක් මෙම ගැටලුකාරී තත්ත්වයට වගකිවයුතු බවයි.
එම නිලධාරියා වාහන ආනයනය සම්බන්ධයෙන් ප්‍රායෝගික නොවන තර්ක ඉදිරිපත් කළ බව ද ඔහු පෙන්වා දී තිබෙනවා.
වාහනයක් යනු කේක් එකක් වැනි දෙයක් නොව එම නිෂ්පාදනය සම්පූර්ණ වීමට මාස 4ක් 5ක් යන බව ත් කී ඔහු මේ අනුව නිෂ්පාදනය කළ දිනය යනු එන්ජිම නිපදවන දිනය ද බොඩිය හදන දිනය ද ටයර් සවි කරන දිනය ද යන්න සොයා ගැනීමට නොහැකි බවත් නිෂ්පාදිත වර්ෂය පමණක් සොයා ගැනීමට නොහැකි බව ඔහු කීය.
