Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ගෝඨාභය රාජපක්ෂ සහ සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීමේ සූදානමක්

2 years ago

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මෙරට හමුදා බුද්ධි අංශයට චෝදනා නගමින් යුද හමුදාවේ හිටපු බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජනරාල් සුරේෂ් සලේ සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමේ ආණ්ඩුවේ සූදානමක් පවතින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසීය.

යුධ හමුදා බුද්ධි අංශය ඊට මැදිහත් වුණේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාව බලයට ගෙන එම වෙනුවෙන් බවට චෝදනාව එල්ල කිරීමට ආණ්ඩුව සැරසෙන බවයි හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේ..

කෙසේවෙතත් සුරේෂ් සලේ මහතාව අත්අඩංගුවට ගැනීමට බාධාවක්ව පවතින අසාද් මවුලානගේ විදෙස් ගමන් තහනම ඉවත් කරගැනීම වෙනුවෙන් ආණ්ඩුව සැලසුමක් සකස් කර තිබෙන බවද ගම්මන්පිල මහතා කියාසිටියේය.