ඉදිරි සති දෙක තුන ඇතුළත අලුත් වාහන මෙරටට පැමිණීමෙන් පසු රට තුළ පවතින සෙකන්ඩ් හෑන්ඩ් වෙළෙඳපොළ සියයට 10ත් 15ත් අතර ප්‍රමාණයකින් පහළ යනු ඇතැයි අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ පවසනවා.
කෙසේ වෙතත් පෙබරවාරි මස 01 වැනිදා සිට පෞද්ගලික වාහන ආනයනයට අවසර ලබාදෙමින් මුදල් ඇමැතිවරයා ලෙස ජනාධිපතිවරයා අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කළා.
කෙසේ නමුත්, මෙලෙස ආනයනය කිරීමට අවසර ලබාදී ඇත්තේ නිෂ්පාදිත වර්ෂයේ සිට වසර තුනක් දක්වා භාවිත කරන ලද වාහනය.
ඒ අනුව මේ වසරේ පෙබරවාරි මාසයේදී ආනයනය කළ යුත්තේ 2022 වසරේ පෙබරවාරි මාසයේදී හෝ ඉන් පසුව නිෂ්පාදනය කරන ලද වාහනය.
වාහන ආනයනකරුවන් පසුගිය කාලයේ දිගින් දිගටම කියා සිටියේ නිෂ්පාදිත වර්ෂයේ සිට වසර පහක් දක්වා භාවිත කරන ලද වාහන ආනයනයට අවසර ලබා දෙන ලෙසයි.
අඩු කාලයක් භාවිත කරන ලද වාහන ජපානයේ වාහන වෙන්දේසි වල ඉහළ මිල ගණන් යටතේ අලෙවි වන බැවින්, එම වාහන මිලදී ගැනීමට සිදු වන්නේ ද ඉහළ මිලකට බවද වාහන ආනයනකරුවෝ පවසති.
මේ හේතුවෙන්ද ආනයනය කරන වාහනවල මිල ගණන් ඉහළ යන බව ඔවුහු පෙන්වා දෙති.
