Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

විපක්ෂයේ ප්‍රධාන පක්ෂ නායකයන් අතර තීරණාත්මක සාකච්ඡාවක්

2 years ago

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ ප්‍රධාන පක්ෂ සියල්ලගේ ම නායකයන් අතර සාකච්ඡාවක් පවත්වා තිබේ.

ඒ, අද (5) පාර්ලිමේන්තුවේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී ය.

මෙහිදී ඉදිරියේදී පාර්ලිමේන්තුවේ කටයුතු කළ යුතු ආකාරය සහ පාර්ලිමේන්තු කමිටුවලදී ක්‍රියාකළ යුතු ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇත.

පසුගිය ජනවාරි 29 වන දා ද විපක්ෂයේ පක්ෂ සියල්ලගේ ම නායකයන් හමුවී සුවිශේෂී සාකච්ඡාවක් පවත්වා ඇති අතර මෙය එම සාකච්ඡාවේ දිගුවකි.

මේ අවස්ථාව සඳහා ගයන්ත කරුණාතිලක, ජේ.සී. අලවතුවල, අජිත් පී. පෙරේරා, රිෂාඩ් බදියුදීන්, නාමල් රාජපක්ෂ, දිලිත් ජයවීර, දයාසිරි ජයසේකර, රවී කරුණානායක, ජීවන් තොන්ඩමන්, සිවඥානම් ශ්‍රීදරන්, පී. සත්‍යලිංගම්, ඒ. අඩෙක්කලනාදන්, ගජේන්ද්‍රකුමාර පොන්නම්බලම්, රවුෆ් හකීම්, නසීම් කාරිඅප්පර්, වී රාධාක්‍රිෂ්ණන්, අනුරාධ ජයරත්න, ඩී. වී චානක, කාදර් මස්තාන් ඇතුළු පිරිසක් එක්වී තිබේ.