Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සුජීව සේනසිංහට රුපියල් මිලියන 250ක වන්දියක් ගෙවන ලෙස හිටපු මන්ත්‍රී සී.බී.ට නියෝගයක්

2 years ago

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහට මහතාට රුපියල් මිලියන 250ක වන්දි මුදලක් ගෙවන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සී.බී. රත්නායක මහතාට අද (05) අධිකරණය නියෝග කළේය.

ගල්කිස්ස දිසා අධිකරණය විසින් අද එම නියෝගය ලබාදී තිබුණි.

ඒ, මහ බැංකු බැඳුම්කර වංචාවට අදාළ රූපවාහිනී සාකච්ඡාවකදී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහට අපහාස කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පැවැති නඩු විභාගයකදීය.