ශ්‍රී ලංකා කණ්ඩායම සමග ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදි පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අවසානයේ පිළිතුරු පළමු ඉනිම සදහා පන්දුවට පහරදෙමින් සිටි ඕස්ට්‍රේිලියානු පිල කඩුළු 3ක් දැවී ලකුණු 330ක් රැස්කර ගෙන සිටියේය.
දිනය අවසන් වන විට නොදැවී පන්දුවට පහරදෙමින් සිටි නායක ස්ටීවන් ස්මිත් ලකුණු 120ක් සහ ඇලෙක්ස් කේරි නොදැවී ලකුණු 139ක් රැස්කර ගැනීමට සමත් විය.
පන්දු යැවීමේදී ශ්‍රී ලංකා පිලේ නිශාන් පීරිස් කඩුළු දෙකක් දවා ගත්තේය.
මෙම තරගයේ පළමු ඉනිම සදහා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිලට රැස්කර ගත හැකි වූයේ ලකුණු 257ක් පමණී.
ඒ අනුව ඔස්ට්‍රේලියානු පිල මේ වන විට ලකුණු 73ක් ඉදිරියෙන් සිටියි.
හෙට තරගයේ තෙවැනි දිනයයි.
