“රනිල්ගේ ගැටයට අසු නොවන්නට” මැයෙන් සජිත් රැක ගැනීමේ ව්‍යාපාරය සංවිධානය කරන විරෝධතා රැලියක් සමගි ජන බලවේග පක්ෂ මූලස්ථාන කාර්යාලය ඉදිරිපිටදී පැවැත්වීමට නියමිත බව දේශපාලන ආරංචිමාර්ග පවසනවා.
එක්සත් ජාතික පක්ෂය සමග සමගි ජන බලවේගය සන්ධානගත වීමට එරෙහිව මෙම විරෝධතාව සංවිධානය කරන බව රැලිය සංවිධානය කරන්නෝ පවසති.
විරෝධතාව සඳහා සහභාගි වීමට සමගි ජන බලවේග පාක්ෂිකයන්ද පැමිණීමට නියමිත බව වාර්තා වේ.
මෙම විරෝධතාවය සංවිධානය කිරීම පිටුපස සමගි ජන බලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුට සිටින බව වාර්තා වේ.
එසේ ම, සමගි ජන බලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් ද එදිනට විරෝධතාව වෙනුවෙන් පැමිණීමට නියමිත බවත් වාර්තා වේ.
