2025 ජනවාරි මස 25 වනදා වනවිට විශ්‍රාම වැටුප ලබන මන්ත්‍රීවරු සංඛ්‍යාව පිළිබදව ජාතික ජන බලවේගය මන්ත්‍රී ගාමිණී රත්නායක අනාවරණයක් සිදුකළා.
ඒ ඊයේ(07) පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින්.
ඒ, අනුව මේ වනවිට විශ්‍රාම වැටුප ලබන මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව 330ක් බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.
එමෙන්ම විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශ්‍රාම වැටුප් ලබන කාලාත්රයින්ගේ සංඛ්‍යාව 182ක් බවද මන්ත්‍රීවරයා සඳහන් කළා.
එමෙන්ම විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ යැපෙන්නන් හත් දෙනෙකුද විශ්‍රාම වැටුප් ලබා ගන්නා බව ඔහු එහිදී සඳහන් කළා.
ඒ, අනුව මන්ත්‍රීවරු, කලාත්‍රයන් හා යැපෙන්නන් 520කට අසන්න පිරිසකට පාර්ලිමේන්තුවේ ගිණුම් අංශයෙන් විශ්‍රාම වැටුප් ලබන බවයි ගාමිණී රත්නායක මන්ත්‍රීවරයා සඳහන් කළේ.
මේ අතර දැනට විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් මාසික ගෙවනු ලබන විශ්‍රාම වැටුප් ප්‍රමාණය රුපියල් දෙකොටි තිස්පන් ලක්ෂ හතලිස් එක්දහස් හයසීය හතළිස් පහක් බවයි ඔහු මෙහිදී සඳහන් කර සිටියේ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විශ්‍රාම ඉටුපක් ලබාදීමට ඉදිරිපත් කළ යෝජනාව 1976 වසරේදී සම්මත වී ඇති බව ද මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් අවධාරණය කළා.
