Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ලංකාවේ ඉන්ධන විකුණන ප්‍රධානතම විදේශීය සමාගමක් රටින් පිට වෙන්න තීරණය කරයි

2 years ago

මෑතකදී ශ්‍රී ලංකාවේ ඉන්ධන වෙළෙඳපොළට ඇතුළු වූ ඕස්ට්‍රේලියාවේ යුනයිටඩ් පෙට්‍රෝලියම් ආයතනයට අනුබද්ධ යුනයිටඩ් පෙට්‍රෝලියම් ලංකා සමාගම මෙරටින් ඉවත් වෙන බව නිල වශයෙන් ප්‍රකාශ කර නැතත් ජනවාරි මස සිට එම සමාගමට අයත් සියලු ඉන්ධනහල්වල මෙහෙයුම් කටයුතු ශ්‍රී ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව වෙත භාර දී ඇති බව එහි කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය මයුර නෙත්තිකුමාර මහතා “ලංකාදීප” පුවත්පතට පවසා තිබෙනවා.

යුනයිටඩ් පෙට්‍රෝලියම් ලංකා සමාගම මෙරටට ඉන්ධන සැපයීම හා අලෙවිය වෙනුවෙන් ශ්‍රී ලංකා රජය සමග වසර 20ක් සඳහා ගිවිසුම් ගත වුව ද, ගිවිසුම ප්‍රකාරව ක්‍රියාත්මක වීමේ ඇති අපහසුතා හේතුවෙන් වසරක් ගත වීමට ද පෙර මෙසේ මෙහෙයුම්වලින් ඉවත් වීමට තීරණය කර ඇති බවයි වාර්තාවන්නේ.

ලැබී ඇති තොරතුරුවලට අනුව, සමාගමට අයත් සියලු දේපළ නැවත භාර දෙන ලෙස යුනයිටඩ් පෙට්‍රෝලියම්හි ප්‍රධාන විධායක නිලධාරී නයිජර් සිමන්ස්, සමාගමේ සියලු සේවකයන්ට ලිපියක් මඟින් දැනුම් දී තිබෙනවා.

මේ අතර සමාගමේ මෙම තීරණයට එරෙහිව එහි සේවකයන් ගත හැකි නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳ සලකා බලමින් සිටින බවට ඉකුත් දා මාධ්‍ය වාර්තා කළා.