විදුලි ගාස්තු සංශෝධනයට සාපේක්ෂව ජල ගාස්තුව සංශෝධනය මේ මස අවසානයේදී සිදුකිරීමට නියමිත බව නාගරික සංවර්ධන ඉදිකිරීම් හා නිවාස අමාත්‍යංශය පවසයි.
එම අමාත්‍යංශයේ ලේකම් රංජිත් ආරියරත්න මහතා සඳහන් කළේ ජල බිල අඩු කිරීම සඳහා ජාතික ජල සම්පාදන හා ජලා පවාහන මණ්ඩලයේ කමිටුව විසින් ඉදිරිපත් කළ යෝජනාව තමාට ලැබීමෙන් අනතුරුව අදාළ යෝජනාව විෂය භාර අමාත්‍යවරයාට ලබා දුන් බවය.
අමාත්‍ය මණ්ඩල අනුමැතියෙන් පසු ගාස්තු සංශෝධනය පිළිබඳ තීරණය ප්‍රකාශ කළ හැකි බව රංජිත් ආරියරත්න මහතා පැවසීය.
මෙවර සංශෝධනයේදී සියයට 10ත් 30 අතර ප්‍රමාණයකින් ජල ගාස්තුව අඩුකිරීමට හැකිවනු ඇති බව ජාතික ජල සම්පාදන හා ජලා පවාහන මණ්ඩලය සඳහන් කළේය.
