සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ හතරවන දිනය අදයි.
ඒ අනුව, අද (09) පෙරවරු දහයට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී තරගය ආරම්භ වීමට නියමිතයි.
තුන්වැනි දිනය නිමාවන විට ශ්‍රී ලංකා කඩුලු 8ක් දැවී ලකුණු 211ක් ලබා සිටියේ ලකුණු 54ක් ඉදිරියෙන් සිටිමිනි.
ඊයේ (07) දිනයේදී ඔස්ට්‍රේලියානු පළමු ඉනිමේ අවසන් කඩුලු 7 දැවි ලකුණු 84ක් තුළ දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත්වුණි.
ස්මිත් ලකුණු 131ක් සහ ඇලෙක්ස් කේරි ලකුණු 156ක් රැස් කළ අතර පන්දුයැවීමේදී ප්‍රභාත් ජයසූරිය කඩුලු 5ක් සහ නිෂාන් පීරීස් කඩුලු 3ක් දවා ගත්තේය.
ලකුණු 157ක් පිටුපසින් සිටිමින් සිය දෙවන ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා පිල අද දිනය අවසන් කරන විට කඩුලු 8ක් දැවී ලකුණු 211ක් රැස් කරගෙන සිටී.
දිමුත් කරුණාරත්නගේ ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ අවසන් ඉනිම ලකුණු 14කට සීමා විය.
