ගෑස් මිල සංශෝධනය සම්බන්ධයෙන් ලිට්‍රෝ සමාගම ඉදිරිපත් කර ඇති ඉල්ලීම පිළිබද අද දිනය තුළ මුදල් අමාත්‍යංශය සිය ස්ථාවරය ප්‍රකාශ කිරීමට නියමිත බව වාර්තා වේ.
ජාතික පුවත්පත් වාතථා කර තිබුණේ, ලෝක වෙළදපොලේ මිල ගණන්වලට සාපේක්ෂව මෙරට ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු කිරීම පිළිබද ව ලිට්‍රෝ සමාගම ඉල්ලීමක් ඉදිරිපත් කර ඇති බවයි.
ඒ සඳහා මුදල් අමාත්‍යංශයේ අනුමතිය ප්‍රමාද වීම හේතුවෙන් මාසික මිල සංශෝධනය සිදු කිරීම ප්‍රමාද වී ඇති බව ම පුවත්පත් වාර්තාවල වැඩිදුරටත් දැක් වේ.
මේ අතර ලාෆ් සමාගමේ ප්‍රකාශකයෙකු කියා සිටියේ ලිට්රෝ සංශෝධනයට අනුරූපීව නව මිල ගණන් ඉදිරියේදී ප්‍රකාශයට පත් කරන බවයි.
