Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මහින්දගේ මයිලකට හරි හානියක් වුණොත් වගකියන්න ලෑස්තිවෙන්න  – නීතීඥ සංවිධානය

2 years ago

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව අඩු කිරීමට සුදුසු බවට කිසිම බුද්ධි වාර්තාවක්  නැති බවත් තිබේනම් එම වාර්තා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන ලෙසට අභියෝග කරන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නීතිඥ සංවිධානය පවසනවා.

ඊයේ (11) මාධ්‍යට අදහස් දක්වමින් ඔවුන් කියා සිටියේ, හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂිත කලාපයෙන් ඔහුව ඉවත් කිරීමට සූදානම් වන්නේ එතුමාව කාගේ හෝ ගොදුරකට හසු කරගැනීමටද යන්න යම් කිසි සැකයක් මතුවන බවත් එලෙස ඉවත් කිරීමක් සිදු කරනවානම් ඒවාට විසඳුම් තිබිය යුතු බවයි.

රටේ ජනතාව අතර නැවතත් ලේ වැගරීම් ගැටුම් ඇති කිරීමට කටයුතු නොකරන ලෙසත් නීතියට අනුව කටයුතු නොකරන්නේ නම් ඒවායේ ප්‍රතිඵල වත්මන් ආණ්ඩුවටම භුක්ති විඳීමට සිදුවන බවත් ඔවුන් පවසනවා.

එබැවින් මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් නොතකා තීන්දු තීරණ නොගන්නා ලෙසට ඉල්ලා සිටින බවත් එතුමාගේ ජීවිත ආරක්ෂාවට හානියක් සිදුවනවානම් තීන්දු තීරණවලට අත්සන් දැමූ සියලු නිලධාරීන්ට වගකිවීමට සිදුවිය හැකි බවත් නීතීඥ සංවිධානය අවධාරණය කළා.

ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ පොදුජන පෙරමුණේ නීතීඥ සංවිධානය :  

“අනිවාර්යෙන්ම මහින්ද ජනාධිපතිතුමා නීත්‍යානුකූල පදනමකින් තමන්ගේ මේ ඉල්ලීම කරොත්  ඒකට එකඟ වෙන්න කැමතියි. කිසිම ගැටලුවක් නෑ අපි හැමදාම කියනවා. රටේ නීතියට ගරු කරනවා.  හැබැයි චණ්ඩිකම් වලට අපි ගරු කරන්නේ නෑ. මොකද යුද්දෙ ඉවර කරපු  නායකයා. මේ මේගොල්ලන්ගේ  දෙවන වර ඡන්ද ගණන් කරලා ආපු කෙනෙක්ගෙ චන්ඩි පාට්වලට ගණන් කරන නායකයෙක් නෙමෙයි. මොකද එහෙමදෙයක් අවශ්‍ය නැහැ..රටේ එතුමා ජනාධිපතිතුමා දැන් අපි හැමෝගෙම ජනාධිපතිනේ  ඉතින් එතුමාට රටේ නීතිය අනුව පියවර ගන්න පුළුවන්. එහෙම  තියෙද්දි චන්ඩි පාර්ට්වලින් විසඳන එක ගැළපෙන්නෙ නැ.

අනිත් එක අපිට සැකයක් තියෙනවා මේ ආරක්ෂිත කලාපයේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා  ඉවත් කරන්න උත්සාහ කරන්නෙ මෙතරම් එතුමාව කාගෙ හරි ගොදුරකට පහසු කරන්නද කියලා.මොකද ආරක්ෂිත කලාපයකින් අයින් කරනවා නම් ඒකට විසඳුමක් තියෙන්න ඕනේ. මොකද මේ වගේ ජීවිත තර්ජනය තියෙන නායකයෙක්. එහෙම නැතුව කාගේ හරි උවමනාවක් මත ඒ දේවල් කරනවද කියල සැකයක් තියෙනවා.

ඒ වගේම මහින්ද ජනාධිපතිතුමාගේ ආරක්ෂාව නොතකා තීන්දු තීරණ ගන්න එපා. එහෙම ගත්තොත් එතුමාගේ එක මයිලකට හරි අනතුරක් සිද්ධ වුනොත් මේ තීන්දු තීරණ වලට අත්සන් කරපු සියලු නිලධාරීන්ට වගකියන්න වෙයි. අපි අදත් වගකීමෙන්  කියනවා මහින්ද ජනාධිපතිතුමාගේ ආරක්ෂාව අඩු කරන්න සුදුසුයි කියලා කිසිම බුද්ධි වාර්තාවක්  නැහැ. තියේනම් අභියෝග කරනවා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන්න”