Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා එක්දින ගැටුමේ පළමු තරගය අදයි

2 years ago

ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් එක්දින තරගාවලියේ පළමු තරගය අද (12) උදෑසන 10ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ඇරැඹීමට නියමිතය.

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර අවසන් වරට එක්දින තරගාවලියක් පැවැතියේ 2022 වසරේ ජුනි මස මෙරටදී වන අතර එම තරගාවලිය තරග 3-2ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.

තරගාවලිය සඳහා ඔස්ට්‍රේලියා නිත්‍ය නායක පැට් කමින්ස් සහභාගී නොවන බැවින් නායකත්වය ස්ටීවන් ස්මිත් හට හිමි වී තිබේ.

මේ වන විට ඔස්ට්‍රේලියා ක්‍රීඩකයන් දෙදෙනකු සහ ශ්‍රී ලංකා ක්‍රීඩකයකු එක්දින පිටියේ සුවිශේෂී කඩඉම් ආසන්නයේ පසු වේ.

වනිඳු හසරංග එක්දින කඩුලු 100 සීමාවට කඩුලු 5ක් පසුපසින් මේ වන විට පසු වේ. ඔස්ට්‍රේලියාවේ ග්ලෙන් මැක්ස්වෙල් හට එක්දින ලකුණු 4,000 සඳහා තවත් ලකුණු 50ක් අවශ්‍ය වන අතර අලෙක්ස් කේරිට ලකුණු 2,000 සම්පූර්ණ කිරීම සඳහා අවශ්‍ය ලකුණු ගණන 22කි.