Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

චරිත් අසලංකගෙන් විශිෂ්ඨ ශතකයක්

2 years ago

සංචාරක ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලියේ පළමු තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 නිමාවීමටත් පූර්වයෙන් සියලු දෙනා ම ලකුණු 214කට දැවී ගියා.

‍ශ්‍රී ලංකා ඉනිමේ මුල් කඩුලු 5 ලකුණු 55ක් තුළ දවා ගැනීමට ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් සමත් වුණා.

එහෙත් හුදකලා සටනක නිරතවූ නායක චරිත් අසලංක ශ්‍රීලංකා ලකුණු පුවරුව ඉහළ නැංවීමට කටයුතු කළේය.

එහිදී විශිෂ්ඨ ඉනිමක් දියත් කළ අසලංක හයේ පහර 05ක් සහ හතරේ පහර 14ක් සමඟින් ලකුණු 127ක් වාර්තා කළේය.

චරිත්ගේ ඉනිමට අනගි සහයෝගයක් දැක් වූ නවවැනි පිතිකරු එශාන් මාලිංග පන්දු 26ක් කඩුල්ලේ රැඳී සිටියේ එක් ලකුණක් පමණක් ලබා ගනිමින්.

ශ්‍රී ලංකා කණ්ඩායම සියලුදෙනා දැවී පන්දුවාර සියල්ල අවසානයේ ලකුණු 214ක් ලබා ගත්තේය.