කර්මාන්තකරුවන් සඳහා ඇප රහිතව ණය ලබා ගැනීමේ ක්‍රමවේදයක් මෙවර අයවැයෙන් හඳුන්වා දීමට නියමිත බව වාර්තා වනවා.
එලෙස ලබා ගන්නා ණය ගෙවීම ආරම්භ කිරීම සඳහා සහන කාලයක් ලබා දීමේ යෝජනාවක් ද අයවැයට ඇතුළත් කිරීමට නියමිත බව සඳහන්.
රටේ නිෂ්පාදනය වැඩි කිරීමෙන් රටට අවශ්‍ය විදේශ විනිමය උපයා ගැනීමේ අරමුණින් මෙම තීරණය ගැනීමට සූදානම් වන බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
