Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මහීෂ් තීක්ෂණ ලෝකෙන්ම එක වෙයිද ?

2 years ago

අයි.සී.සී එක්දින පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානය දිනා ගැනීම සදහා ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණට මේ වන විට අනගි අවස්ථාවක් උදා වී තිබෙනවා.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිකුත් කළ නවතම එක්දින පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම් අනුව දෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ සමත්ව තිබේ.

ඒ, ශ්‍රේණිගත කිරීම් ලකුණු 663 ක් ලබා ගනිමින්.

එහි පළමු ස්ථානයේ පසු වන්නේ, ඇෆ්ගනිස්තාන ක්‍රීඩක රෂීඩ් ඛාන් ය. ඔහු ලබා සිටින ශ්‍රේණිගත කිරීම් ලකුණු සංඛ්‍යාව 669 කි.

ඊයේ ඔස්ට්‍රේලියාව සමග පැවති එක්දින තරගයේදී ද මහීෂ් තීක්ෂණ, පන්දුවාර 9 යි පන්දු 5 කදී ලකුණු 40 කට කඩුලු 4 ක් දවා ගැනීමට සමත් විය.