Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

තරගාවලි ජයක් අපේක්ෂාවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම අද තරග බිමට

2 years ago

ඔස්ට්‍රේලියාවට එරෙහි එක්දින තරගාවලි ජයක් අපේක්ෂාවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම අද පිටියට පිවිසෙනවා.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවන එක්දින තරගය පෙරවරු 10ට ආරම්භ වීමට නියමිතයි.

පෙරේදා පැවති පළමු එක්දින තරගය ලකුණු 49කින් ජය ගැනීමත් සමග මේ වන විට තරග 1-0ක් ලෙස ශ්‍රී ලංකාව ඉදිරියෙන් පසුවනවා.

අද තරගයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වෙනසක් සිදු වනු ඇතැයි අපේක්ෂා නොකරන නමුත් තරගාවලිය සම කිරීමේ අරමුණින් ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ වෙනසක් සිදු කෙරෙනු ඇති බව ක්‍රිකට් ආරංචි මාර්ග සදහන් කළා.

ඒ අනුව පළමු තරගයට ක්‍රීඩා නොකළ ට්‍රැවිස් හෙඩ්, ග්ලේන් මැක්ස්වෙල් සහ මිචෙල් ස්ටාක් අද තරගයට ක්‍රීඩා කරනු ඇති බව වාර්තා වනවා.

අවසන් වරට දෙරට අතර පැවති එක්දින තරගාවලිය තුනට දෙකක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා.