එළැඹෙන අලුත් අවුරුදු කාලය තුළ සහන මිලකට අත්‍යවශ්‍ය ආහාර ලබා දීමට රජය තීරණය කර තිබෙනවා.
මේ පිළිබඳව මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (17) පාර්ලිමේන්තුවේදී අයවැය යෝජනා ඉදිරිපත් කරමින් පැවසුවා.
වැඩි වූ ජීවන වියදම අඩු කිරීම සඳහා ආධාරක පියවරක් ලෙස දැරිය හැකි මිලකට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල දී ගැනීමට ඉඩ සලසමින් උත්සව සමය සඳහා ආහාර පැකේජයක් ලබා දීමට කටයුතු කරන බව ජනාධිපතිවරයා සඳහන් කළා.
ඒ අනුව, ඉදිරි අලුත් අවුරුදු සමයේදී ලංකා සතොස සමාගම හරහා සහල්, ටින් මාළු, පරිප්පු, ළූණු, අර්තාපල් සහ කරවල ඇතුළු වියළි ආහාර සලාකයක් ලබා දීමට යෝජනා කර තිබෙනවා.
මෙම සලාක ලබාදීමේ පිරිවැය වෙනුවෙන් මෙවර අයවැයෙන් රුපියල් මිලියන 1,000 ක් ලබා දීමට යෝජනා කර තිබෙන බව සඳහන්.
